Saturday, December 13, 2014

තුන්වන පලහිලව්ව

එදා හරිම සීතල දවසක්.වැස්ස පායන පාටක් පේන්න තිබුනෙම නෑ.වැස්සේ තෙමීගෙන තමයි මන් MITI එකට ඇතුල් වුනෙත්.උදේ පාන්දරම මට මුලිච්චි වුනේ ආකර්ශන් කාරයයි එයාගේ යාළුවො ඩබලයි.එක් කෙනෙක් දීපක්.අනෙක් කෙනා සුශාන්ත්.දීපක් එච්චර උස නැති කළු පැහැති සමක් තිබුණු හාදයෙක්.සුශාන්ත් නම් ඉතාම හොඳ වැදගත් පෙනුමක් තිබුණු කට ඇරලා හැන්ඩ්සම් කියන්න පුළුවන් විදියේ පොරක්.මේ තුන්දෙනාගෙන් දීපක්ට තිබුනේ මහම මහා හැකර කටක්.එයා කිව්වොත් කිව්වේ මහා අලුගුත්තේරු කතාවක්.මිනිහයි අපේ ආර්යන් නුයි ඉගෙන ගත්තේ එකම කොලිජියෙලු.මිනිහ ආර්යන්ගේ ගජ මිත්‍රය.ඒවගේම එයාට හිටිය මහා ආඩම්බරකාර gf කෙනෙක් .එයාගේ එකම වැරැද්දට තිබ්බේ එයා හිනාවෙන්න දන්නේ නැති එක විතරයි.කොයි වෙලේ බැලුවත් එයා හිටියේ මුණ බුකොගෙන.හැබැයි එකක් එයා හිතේ හැටියට හිනාවුනේ එයාගේ සෙට් එකේ ඉන්නකොට විතරයි .එහෙම ඉන්නවනේ සමහරු.මේත් එක්කෙනෙක් වෙන්න ඇති කියල මන් හිත හදා ගත්ත.ඉතින් වුන දේ කියන්න බැරි වුනානේ.සුශාන්ත් වෙනද වගේම සීරියස් මුඩ් එකෙන් යන්න ගියා.
දීපක් නිකන් 'හිනවෙම්දෝ නොවෙම්දෝ'වගේ ලුක් එකකින් මන් දිහා බලාගෙන ම්මාව පහු කළා.ආකර්ශන් කාරය වෙනද වගේම මට මොකක්දෝ විහිළුවක් කළා .ඒත් විහිලුව මොකක්ඩ් කියල මට හරියට තේරුනේ නෑ වැස්සේ ඝෝෂාව හින්ද.එත් මන් විහිලුව හොඳට තේරුණ ලුක් එකක් මුනේ මවාගෙන එයත් එක්ක හිනා වුනා.නැත්තන් එයා හිතවිනේ මන් ටියුබ් ලයිට් කියල.
මන් MITI එකට යද්දී නේහ ඇවිල්ල තිබුනේ නෑ.මන් නේහ එනකන් කැෆටේරි යා එකට වෙලා වාඩිවෙලා ඉන්න තීරණය කළා .අප්පා හරිම සීතලයි .මගේ අතේ ඇඟිලි ඒ වෙද්දීත් වෙව්ලන්න පටන් අරන් තිබ්බ .උණු උණු කොපි එකක් තිබ්බනම් එල මට හිතුන.මන් කැෆේටේරියා එකෙන් උණු කොපි කෝප්පයක් ඉල්ලගන්න කියල ගියා . කැෆෙටෙරියා එකේ හිටිය අන්කල් හිටියෙ නික්න් තක්බීර් වෙලා වගේ.සෙනග පිරිල හිටිය හින්දා වෙන්න ඇති.මට හිතුන.සෙනග අතරින් රින්ගගෙන යාන්තම් පොලිමට ඇතුල් වෙන්න හදනකොටම මාව එකපාර පැත්තකට විසි වුනා.මන් දනිපනි ගාගෙන ආයිමත් පොලිමට එකතු වෙන්න බැලුව.ඒ එක්කම කොහෙදෝ ඉන්දන් ආපු බඩ තඩියෙක් එයගෙ සද්දන්ත ශරිරෙ මගෙ කුහුම්බු ශරිරෙ (ම්න් මේ කිව්වෙ එයාට සාපෙක්ශව)ගට්ටනය කලා.ඒ පාර මන් වීසි වෙලා ගිහින් ගෙම්බ පොලොවෙ ගහුව වගේ මහී මාතාව චුම්බනය කලා.අම්මෝ:හුහ් මට කියවුන.මගේ කොන්ද හරි මැදින් දෙකට කැඩිල වගෙ හැන්ගීමක් මට දැනෙන්න පටන් අරන් තිබ්බ.මන් වටපිට බැලුව උදව්වක් බලාපොරොත්තුවෙන්.ඒ අතරෙදි මගේ පිටිපස්සෙන් හුරු පුරුදු කටහඬක් ඇහුන."වට් හැපන්ඩ්.ශැල් අයි හෙල්ප් යු?" ඒ කටහඬ මගෙන් ඇහුව.මට එවෙලෙ දැනුනෙ පුදුමාකර සතුටක්.හරියට MITI එකට අධිගෘහිත  දේවතාවුන් වහන්සේ මහපොළොවට වැඩල වගේ හැගීමක් මට දැනුනේ.මෙච්චර වෙලා දනිපනි ගාගෙන නැගිටින්න තටමල බැරිම තැන මන් බිම ඉඳගෙන හිටියේ.මාත් ඉතින් දඩස් ගාල ඔලුව හරවල බැලුව මට උදව් කරන්න ඉදිරිපත්වුණු සුරදුතය කව්ද කියල.මලා.අපේ ලෝර්ඩ් ආර්යන් කරය මගේ පිටිපස්සේ.මට පියවි සිහිය එන්න ඒ පාර නම් ටිකක් වෙලා ගතවුණා.චාටර් කෝටියයි කිව්වලු .
"වට් හැප්පෙන්ඩ් ආ යු ඔ කේ " ඒ පාර ලෝර්ඩ් ආර්යන් එයාගේ ඇත මගේ දිහාට දික් කලා .වෙන වෙලාවක නම් මන් කීයටවත්  ආර්යන් කාරයාගේ උදව් ගන්නේ නෑ.එත් මේ වෙලාවේ මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.  මන් එයාගේ අත අල්ලාගෙන නැගිට්ට. "තැන්ක්යූ "  ලෝර්ඩ් අර්යන්ට ස්තුති පුර්වක වුණා ."යු ආ වෙල්කම් " ලෝර්ඩ් ආර්යන් එහෙම  එයාගේ බකුසු මුණ මවාගෙන යන්න ගිය.

                                    මන් ඊගාවට කලේ මගේ උණු කොපි කෝප්පේ ගන්න පෝලිමට ඇතුළු වුනු එක .එවෙලේ  දුරට අඩු වෙලා තිබුන .මන් ඉස්සරහින් කෙල්ලෝ දෙන්නෙක් හිටිය.එක්කෙනෙක් අනෙක් කෙනාට එයාගේ බෝය්ෆ්රෙන්ඩ් වර්ණනාව  හිටියේ.එයා එකා කියන ගමන් තාලෙකට සල්වරී පොට කර කැවුව .එක සරේක එක ඇවිල්ල මගේ ඔලුවේ දැවටුන මට මුකුත්ම නොපෙනෙනෙ  විදියට.මන් එක ගලවගන්න දඟලනකොට එයාගේ යාළුවා "වී ආ සොරි  කියල සල්වාරි පොට ගලවගත්ත.
   හුහ් : මදැයි  අද දවසට වෙච්ච දේවල් . ඔන්න අන්තිමේ මගේ වරේ ඇවිත් තිබුන .මන් අන්කල්කාරය දිහා බලල "හොට අයිස් කෝෆී එකක් කියල රුපියල් 20 දික් කළා.ඒ පාර අන්කල් කාරය මගේ මුණ දිහා ටිකක් වෙලා හල හොල්මනක් නැතුව බලාගෙන ඉඳල හිනාවුණා .මට පිටිපස්සෙන් හිටිය කොල්ලෝ දෙන්නත් ඒ එක්කම හිනා වෙනවා ඇහුන.මට කේන්ති ගිය ඒ පාරනම් .මන් මෙතන මෙච්චර ජල්තරයක් හමාර කරලා කොපි ඉල්ලනවා.මුන් මෙතන හිනා වෙනවා." ඇයි ඒවා නැද්ද " මන් සැරවුන.එත් අන්කල් කාරය තවම හිනාව."එහෙම කොෆි එකක් නම් නෑ තමයි." අන්තිමේ එය කිව්වා . " මන් මොකක් හරි වරද්දලවත් කිව්වද'" මන් කල්පනා කළා. අන්කල් කරය ඒ අතරේ මට කියනවා " ඔයාට ඕනේ හොට කොෆිද අයිස් කොෆිද හොට අයිස් කොෆි නම් අපි ගව නෑ  "කියල . හරිනේ මන් මේ කලබල අස්සේ ඉල්ලලා තියෙන්නේ හොට අයිස් කොෆියක්.ෂුහ් : මදැයි වස ලැජ්ජාව ."ආ සොරි මට හොට කොෆි එකක් දෙන්න " මන් සිනහමුසු මුහුණක් මවාගෙන කිව්වා .ඒ පාර අන්කල් කරය කොපි හදන මැෂිමෙන් හොට කොෆි එකක් අරගෙන මට දුන්න.මන් එක අරන් හෙමීට එතනින් මාරුවුණා .

Thursday, October 9, 2014

පලවෙනි පලහිලව්ව

ආදර පළහිලව් ද මිතුරුදම් ද  වැඩිය වටින්නේ කියල ඇහුවොත් මොකක්ද ඕගොල්ලෝ දෙන උත්තරේ.සමහරු කියාවි ආදර පළහිලව් කියල.සමහරු කියාවි මිතුරුදම් කියල.සමහරු කියාවි ඔය දෙකම කියල.මං මේ කියන්න යන කතාවෙත් තියෙන්නේ ඔය වගේ තේරුමක්.මේ කතාව මට කිව්වේ කාව්‍යා.ඒ කවුද බොලේ ඒ ? ඕගොල්ලෝ මගෙන් එහෙම අහවි.ඒ තමයි මට අහම්බෙන් හම්බුනු මගේ යාළුවගේ නම.දැන් ඉතින් කාව්‍යාගේ වචනවලින්ම අහන්නකො කතාව.
"මලා මන් ඉවරයි " නේහා උඩ පැන්න .එයා හිටියේ එයාගේ පලවෙනි ප්රෙසේන්ටෙෂන්  එකට ලෑස්ති වෙමින්.නේහ කියන්නේ MITI එකේ මගේ හොඳම යාළුවා.MITIකිව්වේ  Millenium Information Technology Institute කියන එකයි .මන් ඉගෙන ගත්ත අධ්‍යාපන ආයතනය තමයි ඒ.නේහ මට වඩා වැඩිමල් ඉතාම හොඳ බුද්ධියක් තිබුනු දරුවෙක්.එයා එදා ඇඳගෙන ඇවිත් තිබුනේ කලු කලිසමකනුයි දුඹුරු පාට අත් දිග බ්ලව්ස් එකකුයි.එයා එච්චර මහත නැති වුනත් ඒකට එයාගෙ බඩ චුට්ටක් පෙනුන.එයා කියන්න කටපාඩම් කරගෙන හිටිය කරුනක් එයාට අමතක වෙලා.ඒකයි එයා උඩ පැන්නෙ.
"වැරදුනාට කමක් නෑ.දිගටම කරගෙන යන්න."අපේ ලීඩර් ලෝඩ් ආර්යන් එහෙම කිව්වෙ නේහට.
ආර්යන් උස කෙට්ටු අහන්කාර කොල්ලෙක්.එයාට මන් කියන්නෙ ලෝඩ් ආර්යන් කියලා.ඒ මොකද කියනවනම් එයා පන්ති කාමරෙ ඇතුලෙ ඉන්නෙ එයාගෙ අනසක පතුරුවාගත්ත ලෝර්ඩ් කෙනෙක් වගේ නිසා. :p
අපි රිහසල් කරන්න තෝරගත්තෙ පලවෙනි තට්ටුවෙ ලැබ් වන් එක.එතන හුඟක් නිදහස් තැනක්.
                            මුලින්ම ලැබ් වන් එක මැද්දෙන්  ලැප් එකක් අබියස අපේ කතා නායිකාව නොහොත් ප්‍රසෙන්ටෙර් හිටගෙන හිටිය.
අපේ කණ්ඩායමේ අනෙක් අය ඒ කිව්වේ ලෝඩ් ආර්යන්,ලෝකේශ්,විද්වාන්,ආකර්ශන් සහ මම යන සියලු දෙනා ලැබ් එකේ පිටිපස්සෙම පේලියේ පිලිවෙලින් වාඩිවෙලා හිටිය.

ලෝඩ් ආර්යන් කකුලක් පිට කකුලක් දාගෙන මුණ බුකොගෙන හෙනම සීරියස් විදියට බලාගෙන ඉන්නව.ඊට එහා පැත්තෙන් අපේ ලෝකේශ් එහෙමත් නැත්නම් වලස් මාම මෙලෝ රහක් නැති තාලෙකට වාඩිවෙලා කොහේදෝ බලාගෙන ඉන්නව.(එයාට නම් රිහසල් පේනවද ඇහෙනවද දන්නැති ගානයි.මිනිහ ෂුවර් එකටම කෙල්ල ගැන හිත හිතා ඉන්නේ.මට හිතුනේ එහෙමයි.)අපේ ආකර්ශන් මහත්මය ලැප් එක දිග ඇරගෙන ස්ලයිඩ්ස් හදනව.විද්වාන් එයාගේ ෆොන් එක කනේ ගහගෙන කාටදෝ කතා කරනව.මන් ඔය කා ගැනත් ඇහැ ගහගෙන එත් මට ඒ කාවවත් නොපෙනෙන විදියට නේහ දිහා බලන් හිටිය.

"හරි දැන් පටන්ගන්න." ලෝඩ් ආර්යන් ආයෙමත් එයාගේ ගෝරනාඩුව දැම්ම.එහෙම කියන ගමන් එයා එයාගේ ඔරලෝසුව ගලවල මේසේ උඩින් තිබ්බ.නේහ එකදිගට ඉංග්‍රීසියෙන් මොනවදෝ කියවගෙන ගියා.අපේ කස්ටිය හැල හොල්මනක් නැතුව මීයට පිම්බ වගේ ඒක අහගෙන හිටිය. විද්වාන් ඒ අස්සේ හොරාට මගේ මුණ දිහා බලනවා මන් හොඳට දැක්ක.එත් මන් ඒක නොදැක්ක ගානට මගේ බෙල්ල අංශක 90 ට කෙලින් තියාගෙන නේහ කියන වචනයක් පාසා ඔලුව වැනුව.මන් හිතන්නේ විද්වාන් බලන්න ඇත්තේ මන් ඔලුව හොල්ලපු පාරට මගේ ඔලුව ගැලවිලා වැටෙයිද කියල.
අන්තිමේ නේහ එයාගේ පළමු ප්‍රසන්ටේෂන් එක practice කරලා ඉවර කළා.මේ වෙද්දී අපේ ආකර්ශන් එයා දන්න ඔක්කොම වැඩ කැලි දාල ස්ලයිඩ්ස් ටික හදල ඉවර කරලා තිබුන.එයාගේ මුණේ තිබුනේ හරියටම කොටින්ගෙන් ලංකාවට නිදහස ලැබුණු දවසේ මහින්ද මාමගේ මුණේ තිබුණ ජයග්‍රාහී ලුක් එක. ඊට පස්සේ අපි ඔක්කොම ලටපට අකුලාගෙන ලෙක්චෙර් හෝල් එකට යන්න පිටත් වුන.
        ෂුහ්: ලේක්චේර් හෝල් එක පිරෙන්නම සෙනග.කොච්චරහරි මන් කවදාවත් නොදැකපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පවා එදා ඇවිත් හිටිය.

"අපේ කට්ටියට ඉඩ අල්ලගන්න "මන් නේහට කිව්ව.ඒ මොකද ඒ වෙද්දීත් මයි නේහයි ඇරෙන්න අපේ සෙට්එකේ  එකේ අනිත් කස්ටිය ඇවිත් තිබුනේ නැති නිසා.
ඔය අතරේ තවත් කෙනෙක් හෝල් එකේ ඉස්සරහම බංකුවේ එරමිණිය ගොතාගෙන වාඩිවෙලා හිටිය.ඒ තමයි අපේ කතිකචර්යතුමා.එයා ඇවිල්ල සුද්දෙක්.එවෙලේ කස්ටියක් ප්‍රසන්ටෂන්.හැමෝම ඒක දිහා ඇස්ගෙඩි කඩාගෙන බලාගෙන හිටිය.අපේ කස්ටිය තවම නෑ.මන් නේහ දිහා බැලුව.එයා හිටියේ තනියම මුමුණ මුමුණ.මන් ආයිමත් ඉස්සරහ බලා ගත්ත.
"යු පීපල් කම් "එකපාරට සුද්ද පිටිපස්ස බලල කිව්ව.ඒ පාර හැමෝම ඒ පැත්ත බැලුව.ලෝඩ් ආර්යන් ඇතුළු පිරිස ඇවිත්.මන් සුද්දට නොපෙනෙන්න ලෝඩ් අර්යන්ට අතින් සන් කරලා ඉස්සරහ අපි ඉන්න තැනට වාඩිවෙන්න එන්න කියල කිව්ව.එක දැක්කද නොදක්කද දන්නේ නෑ ඒගොල්ලෝ මෝල් උන්නාන්සේලා ටිකක් වගේ ගිහින් පිටිපස්සෙම පේලියේ වාඩි වුණා."මදැයි "මන්  මටම කියාගත්ත.
           ඔන්න අන්තිමේ නේහගේ වාරේ කිට්ටුවුන.ඒ වෙද්දී එයාගේ ඇඟිලි වෙව්ලන්න පටන් අරන් තිබ්බ.දත් කට කට ගාන සද්දෙකුත් අතරින් පතර යන්තමට ඇහුන.
           "ගෘප් ජි කම් ෆෝවඩ්" සුද්ද ඒ කිව්වේ අපේ ගෘප් එකේ ප්‍රසන්ටර්ට ස්ටේජ් එකට එන්න කියල .නේහ දඩස් ගාල පුටුව පස්සට ඇදල නැගිට්ට.එයා ඒක ඇදපු සද්දෙට අපිට ඉස්සරහින් පේලියේ නිදි කිර කිර  හිටපු කොල්ලෙක් බය වෙලා ඇහැරුන.ඊට පස්සේ නේහ බර අඩි තිය තිය ස්ටේජ් එකට නැග්ග.
          "ගුඩ් ඉවිනින්ග් අයම් නේහ"නේහ එයාගේ කතාව පටන්ගත්ත.අපි ඔක්කොම හරිබරි ගැහිලා එයාගේ කතාව අහන්න ලෑස්ති වුනා.මන් බැලුව සුද්දගේ දිහාව.එයා නේහ දිහා බලාගෙනම හිටිය.නේහත් ඒ වෙද්දී මේ ලෝකේ ප්‍රසන්ටෂන් එකකදී ගැණු ළමයෙක්ට දාන්න පුළුවන් හැටහතර මායම් ඔක්කොම දාලයි තිබ්බේ.අන්තිමේ කොහොමින් කොහොමහරි එයා කතාව ඉවරකලා.ලොකු අත්පොලසන් රාවයක් ඒ එක්කම හෝල් එක පුර පැතිරුණ."ඇති යන්තම් "මන් මටම කියාගත්ත."නෙක්ස්ට් ගෘප් ප්ලීස් "සුද්ද ඊලග කණ්ඩායමට අඬගැහුව.