ආදර පළහිලව් ද මිතුරුදම් ද වැඩිය වටින්නේ කියල ඇහුවොත් මොකක්ද ඕගොල්ලෝ දෙන උත්තරේ.සමහරු කියාවි ආදර පළහිලව් කියල.සමහරු කියාවි මිතුරුදම් කියල.සමහරු කියාවි ඔය දෙකම කියල.මං මේ කියන්න යන කතාවෙත් තියෙන්නේ ඔය වගේ තේරුමක්.මේ කතාව මට කිව්වේ කාව්‍යා.ඒ කවුද බොලේ ඒ ? ඕගොල්ලෝ මගෙන් එහෙම අහවි.ඒ තමයි මට අහම්බෙන් හම්බුනු මගේ යාළුවගේ නම.දැන් ඉතින් කාව්‍යාගේ වචනවලින්ම අහන්නකො කතාව.
"මලා මන් ඉවරයි " නේහා උඩ පැන්න .එයා හිටියේ එයාගේ පලවෙනි ප්රෙසේන්ටෙෂන් එකට ලෑස්ති වෙමින්.නේහ කියන්නේ MITI එකේ මගේ හොඳම යාළුවා.MITIකිව්වේ Millenium Information Technology Institute කියන එකයි .මන් ඉගෙන ගත්ත අධ්‍යාපන ආයතනය තමයි ඒ.නේහ මට වඩා වැඩිමල් ඉතාම හොඳ බුද්ධියක් තිබුනු දරුවෙක්.එයා එදා ඇඳගෙන ඇවිත් තිබුනේ කලු කලිසමකනුයි දුඹුරු පාට අත් දිග බ්ලව්ස් එකකුයි.එයා එච්චර මහත නැති වුනත් ඒකට එයාගෙ බඩ චුට්ටක් පෙනුන.එයා කියන්න කටපාඩම් කරගෙන හිටිය කරුනක් එයාට අමතක වෙලා.ඒකයි එයා උඩ පැන්නෙ.
"වැරදුනාට කමක් නෑ.දිගටම කරගෙන යන්න."අපේ ලීඩර් ලෝඩ් ආර්යන් එහෙම කිව්වෙ නේහට.
ආර්යන් උස කෙට්ටු අහන්කාර කොල්ලෙක්.එයාට මන් කියන්නෙ ලෝඩ් ආර්යන් කියලා.ඒ මොකද කියනවනම් එයා පන්ති කාමරෙ ඇතුලෙ ඉන්නෙ එයාගෙ අනසක පතුරුවාගත්ත ලෝර්ඩ් කෙනෙක් වගේ නිසා. :p
අපි රිහසල් කරන්න තෝරගත්තෙ පලවෙනි තට්ටුවෙ ලැබ් වන් එක.එතන හුඟක් නිදහස් තැනක්.

මුලින්ම ලැබ් වන් එක මැද්දෙන් ලැප් එකක් අබියස අපේ කතා නායිකාව නොහොත් ප්‍රසෙන්ටෙර් හිටගෙන හිටිය.
අපේ කණ්ඩායමේ අනෙක් අය ඒ කිව්වේ ලෝඩ් ආර්යන්,ලෝකේශ්,විද්වාන්,ආකර්ශන් සහ මම යන සියලු දෙනා ලැබ් එකේ පිටිපස්සෙම පේලියේ පිලිවෙලින් වාඩිවෙලා හිටිය.
ලෝඩ් ආර්යන් කකුලක් පිට කකුලක් දාගෙන මුණ බුකොගෙන හෙනම සීරියස් විදියට බලාගෙන ඉන්නව.ඊට එහා පැත්තෙන් අපේ ලෝකේශ් එහෙමත් නැත්නම් වලස් මාම මෙලෝ රහක් නැති තාලෙකට වාඩිවෙලා කොහේදෝ බලාගෙන ඉන්නව.(එයාට නම් රිහසල් පේනවද ඇහෙනවද දන්නැති ගානයි.මිනිහ ෂුවර් එකටම කෙල්ල ගැන හිත හිතා ඉන්නේ.මට හිතුනේ එහෙමයි.)අපේ ආකර්ශන් මහත්මය ලැප් එක දිග ඇරගෙන ස්ලයිඩ්ස් හදනව.විද්වාන් එයාගේ ෆොන් එක කනේ ගහගෙන කාටදෝ කතා කරනව.මන් ඔය කා ගැනත් ඇහැ ගහගෙන එත් මට ඒ කාවවත් නොපෙනෙන විදියට නේහ දිහා බලන් හිටිය.
"හරි දැන් පටන්ගන්න." ලෝඩ් ආර්යන් ආයෙමත් එයාගේ ගෝරනාඩුව දැම්ම.එහෙම කියන ගමන් එයා එයාගේ ඔරලෝසුව ගලවල මේසේ උඩින් තිබ්බ.නේහ එකදිගට ඉංග්‍රීසියෙන් මොනවදෝ කියවගෙන ගියා.අපේ කස්ටිය හැල හොල්මනක් නැතුව මීයට පිම්බ වගේ ඒක අහගෙන හිටිය. විද්වාන් ඒ අස්සේ හොරාට මගේ මුණ දිහා බලනවා මන් හොඳට දැක්ක.එත් මන් ඒක නොදැක්ක ගානට මගේ බෙල්ල අංශක 90 ට කෙලින් තියාගෙන නේහ කියන වචනයක් පාසා ඔලුව වැනුව.මන් හිතන්නේ විද්වාන් බලන්න ඇත්තේ මන් ඔලුව හොල්ලපු පාරට මගේ ඔලුව ගැලවිලා වැටෙයිද කියල.
අන්තිමේ නේහ එයාගේ පළමු ප්‍රසන්ටේෂන් එක practice කරලා ඉවර කළා.මේ වෙද්දී අපේ ආකර්ශන් එයා දන්න ඔක්කොම වැඩ කැලි දාල ස්ලයිඩ්ස් ටික හදල ඉවර කරලා තිබුන.එයාගේ මුණේ තිබුනේ හරියටම කොටින්ගෙන් ලංකාවට නිදහස ලැබුණු දවසේ මහින්ද මාමගේ මුණේ තිබුණ ජයග්‍රාහී ලුක් එක. ඊට පස්සේ අපි ඔක්කොම ලටපට අකුලාගෙන ලෙක්චෙර් හෝල් එකට යන්න පිටත් වුන.
ෂුහ්: ලේක්චේර් හෝල් එක පිරෙන්නම සෙනග.කොච්චරහරි මන් කවදාවත් නොදැකපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පවා එදා ඇවිත් හිටිය.
"අපේ කට්ටියට ඉඩ අල්ලගන්න "මන් නේහට කිව්ව.ඒ මොකද ඒ වෙද්දීත් මයි නේහයි ඇරෙන්න අපේ සෙට්එකේ එකේ අනිත් කස්ටිය ඇවිත් තිබුනේ නැති නිසා.
ඔය අතරේ තවත් කෙනෙක් හෝල් එකේ ඉස්සරහම බංකුවේ එරමිණිය ගොතාගෙන වාඩිවෙලා හිටිය.ඒ තමයි අපේ කතිකචර්යතුමා.එයා ඇවිල්ල සුද්දෙක්.එවෙලේ කස්ටියක් ප්‍රසන්ටෂන්.හැමෝම ඒක දිහා ඇස්ගෙඩි කඩාගෙන බලාගෙන හිටිය.අපේ කස්ටිය තවම නෑ.මන් නේහ දිහා බැලුව.එයා හිටියේ තනියම මුමුණ මුමුණ.මන් ආයිමත් ඉස්සරහ බලා ගත්ත.
"යු පීපල් කම් "එකපාරට සුද්ද පිටිපස්ස බලල කිව්ව.ඒ පාර හැමෝම ඒ පැත්ත බැලුව.ලෝඩ් ආර්යන් ඇතුළු පිරිස ඇවිත්.මන් සුද්දට නොපෙනෙන්න ලෝඩ් අර්යන්ට අතින් සන් කරලා ඉස්සරහ අපි ඉන්න තැනට වාඩිවෙන්න එන්න කියල කිව්ව.එක දැක්කද නොදක්කද දන්නේ නෑ ඒගොල්ලෝ මෝල් උන්නාන්සේලා ටිකක් වගේ ගිහින් පිටිපස්සෙම පේලියේ වාඩි වුණා."මදැයි "මන් මටම කියාගත්ත.
ඔන්න අන්තිමේ නේහගේ වාරේ කිට්ටුවුන.ඒ වෙද්දී එයාගේ ඇඟිලි වෙව්ලන්න පටන් අරන් තිබ්බ.දත් කට කට ගාන සද්දෙකුත් අතරින් පතර යන්තමට ඇහුන.
"ගෘප් ජි කම් ෆෝවඩ්" සුද්ද ඒ කිව්වේ අපේ ගෘප් එකේ ප්‍රසන්ටර්ට ස්ටේජ් එකට එන්න කියල .නේහ දඩස් ගාල පුටුව පස්සට ඇදල නැගිට්ට.එයා ඒක ඇදපු සද්දෙට අපිට ඉස්සරහින් පේලියේ නිදි කිර කිර හිටපු කොල්ලෙක් බය වෙලා ඇහැරුන.ඊට පස්සේ නේහ බර අඩි තිය තිය ස්ටේජ් එකට නැග්ග.
"ගුඩ් ඉවිනින්ග් අයම් නේහ"නේහ එයාගේ කතාව පටන්ගත්ත.අපි ඔක්කොම හරිබරි ගැහිලා එයාගේ කතාව අහන්න ලෑස්ති වුනා.මන් බැලුව සුද්දගේ දිහාව.එයා නේහ දිහා බලාගෙනම හිටිය.නේහත් ඒ වෙද්දී මේ ලෝකේ ප්‍රසන්ටෂන් එකකදී ගැණු ළමයෙක්ට දාන්න පුළුවන් හැටහතර මායම් ඔක්කොම දාලයි තිබ්බේ.අන්තිමේ කොහොමින් කොහොමහරි එයා කතාව ඉවරකලා.ලොකු අත්පොලසන් රාවයක් ඒ එක්කම හෝල් එක පුර පැතිරුණ."ඇති යන්තම් "මන් මටම කියාගත්ත."නෙක්ස්ට් ගෘප් ප්ලීස් "සුද්ද ඊලග කණ්ඩායමට අඬගැහුව.

No comments:
Post a Comment