ඔන්න ඉතින් හතරවෙනි පලහිල්ලව්වත් ආව එහෙනම් .එදා අපේ ලෝකෙෂ්ගේ උපන්දිනේ යෙදිලා තිබුන.ඉතින් මමයි නේහයි කල්තියාම කතා කරගෙන හිටිය ලෝකේශ්ව පුදුම කරවන්න ඕනය කියල .එත් ඉතින් මේ වැඩේට අපේ අනික් පාර්ශවයේ සහයෝගය ඒ කිව්වේ පුරුෂ පාර්ශවයේ සහයෝගය නොලැබුනොත් නම් වැඩේ ටිකක් අමාරු වෙයි කියල නේහ කිව්වා .අපේ සෙට් එක ඉතින් බින්කුන්ඩො ටිකක් වගේ පොදී ගැහීගෙන වැඩකට බහින්නේ අසයින්මෙන්ට් එකක් හරි එක් සෑම් එකක් හරි තියෙනවනම් විතරයිනේ . නේහ කිව්ව හැටියට ලෝකේශ්ව පුදුම කරන්න පුළුවන් හැටි හරියටම කියන්න පුළුවන් පුරුෂ පාර්ශවයටම තමයි .අනේ මන්ද.මට නම් එකේ ඒ හැටි විශේෂත්වයක් පෙනුනේ නැ .අපේ කස්ටියව එකතු කරගන්න එකත් ඉතින් ලේසි පහසු සෙල්ලමක් නෙවෙයි . එක එකා හොයාගන්න පුළුවන් එකෙක තැන්වල .අපි මුලින්ම හමුවුනේ විද්වන්ව.මිනිහ හිටියේ වොෂ්රූම් එකෙන් එලියට එන ගමන් .මොන හෙතුවකටඩ් මන්ද මිනිහගේ මුණ එවෙව්ලේ ඇද වෙලා තිබ්බ .බාග විට බඩේ අමරුවක්වත් හැදුනද දන්නේ නෑ .මිනිහව යන්තම් අල්ලාගත්තේ අත් පුඩි දෙක තුනක් ගහල මිනිහගේ පස්සෙන් වැලහින්නියෝ දෙන්නෙක් වගේ අඩි හත් අට සීයක් දිව්වට පස්සේ .මිනිහගේ ගමන් වේගේ තරම හිතාගත්ත හැකිනේ .ඔන්න එපාර අපි මිනිහට තට්ටුවක් දාගන්න තරමට ලංවුණා .නෙහ මිනිහගේ පිටට තට්ටුවක් දැම්ම ."ආ මේ දෙන්නනේ .මොකෝ මේ කලබලෙන් ." මිනිහ අපෙන් ඇහුව .ඒ පාර නේහ ගොළුවුන .ඒ පාර මන් දිහා බලල මට කිව්වා ඇහෙන සන් කරලා මිනිහට අපේ වැඩේ ගැන කියන්න කියල .මමත් ඉතින් රැල් බුරුල් ඇරලා කාරණේ කියන්න හැදුව විතරයි මෙන්න ආකර්ෂණ කාරය අපි ඉස්සරහ දර්ශනය වුන හරියට දෙමල හොල්මන් චිත්‍රපටිවල හොල්මන හදිසියේම දර්ශනය වෙනවා වගේ .හ්ම්ම් අපේ වෙලාව හොඳයි වගේ .මන් ආයිත් පාරක් රැල් බුරුල් ඇරලා මගේ කතාව පටන් ගත්ත ."මේකයි ඔයාල හැමෝම දන්නවනේ අද අපේ ලෝකෙෂ්ගේ උපන්දිනේ විත්තිය ."මම එහෙම කියනකොට මගේ සභාව ඒ කිව්වේ විදවන් ,ආකර්ෂණ,නේහ තුන් දෙනාම ඔලුව වැනුව."ඉතින් නේහයි මමයි කල්පනා කල ලෝකේශ්ව පුදුම කරවන්න .මොකද ඕගොල්ලෝ හිතන්නේ ." මේකට අපිට ඔගොල්ලන්ගෙන් උදව් ඕනේ " මම කිව්වා .
"අදහස නම් හොඳයි .එත් කොහොමද පුදුම කරවන්නේ ?"විද්වන්ගේ මුනේ ප්‍රශ්න පත්තරයක්ම .
"ම්ම් ....කල්පනා කරලා බැලුවොත් අයිඩියා එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ ." එහෙම කිව්වේ ආකර්ශන් .මිනිහ කතා කරපු විදියට මිනිහ නම් මොනවහරි හොඳ අදහසක් දෙයි කියල මට හිතුන ."මෙහෙමයි .කේක් එකක් කපල පොඩි පාටි එකක් ඔර්ගනයිස් කරන වැඩේ නම් මමයි නේහයි කරන්නම් ." මන් කිව්වේ ඒ වැඩේ අපිට ලේසි හින්ද ."ඔක්කොමත් හරි ලෝකේශ් කාරයව පාටිය තියෙන තැනට ගෙන්න ගන්නේ කොහොමද ?" විද්වාන් ගෙන් තවත් ප්‍රශ්නයක් ."ඒ වැඩේ නම් කරන්න වෙන්නේ ඔයාටම තමයි විදවන් " ඒ ආකර්ශන් ."මට ? මං කොහොමද එක කරන්නේ ?" විද්වාන් පස්ස ගහන්න පටන් ගත්ත ."කොහොමද කියන එකත් ඔගොල්ලොම තීරණය කරන්න "විද්වාන්ට අණ දෙනවා වගේ ඒ පාර ආකර්ෂන් .
කොහොමින් කොහොමහරි විදවන් ඒ වැඩේ බාරගත්ත .ආකර්ෂණ පොරොන්දු වුන ලෝකේශ්ව පුදුම කරවන්න පුළුවන් තෑග්ගක් අරන් එන්න .අපි කට්ටිය ඊට පස්සේ විසිර ගිය .
අපි දෙන්න මුලින්ම ගියේ සුපිරි කේක් අවන්හලකට .නම 'Delicious' . "මොන ජාතියේ කේක් ගෙඩියක්ද ගන්නේ ?"අපි දෙන්නටම ප්‍රශ්නයක් .අපි කිව්වේ නෙහයි මමයි ."ම්ම් මන් නම් හිතන්නේ කාව්‍ය ලෝකේශ් චොක්ලට් කේක් කන්න ආස වෙයි " නෙහ එයාගේ අදහස ඉදිරිපත් කලා මට හිතෙන්නේ නැනේ මොකවත් "මන් නෙහගේ කනට කෙදිරුව ."හැහ්: නෙහ ඒ පාර පුදුම වෙලා වගේ මන් දිහා බැලුව ."නෑ මන් මේ කිව්වේ එය චොක්ලට් කේක් වලට ආස වෙයිද ඇත්තටම .??" ඒ මම ."වයි නොට් කාව්‍ය .ඔයාට කියන්න මගෙත් favourite ම කේ ක් එක chocolate cake "නෙහට හදිසියේම chocolate කේක් ගැන ආදරයක් ඇති වුනේ ඇයි කියල මට තේරුනේ එවෙලේ .අන්තිමේ නේහගේ කැමැත්ත ට ඉඩ දීල එයත් එක්ක චෝක්ලේට් කේක් එකක් අරන් මන් එලියට ආව .
Casino & Sports Betting | DrMCD
ReplyDeleteSports Betting 통영 출장안마 with DrMCD. 김해 출장샵 We 정읍 출장샵 offer the best sports betting, casino games & more 고양 출장안마 at Dr.MCD. In-game wagering, bets 강원도 출장마사지 and live odds are the most